නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි නියෝග නිකුත් වෙයි!
රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ඒ එම අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අද දිනයේ පෙනී නොසිතීම හේතුවෙනි.
2018 වසරේදී හම්බන්තොට වරාය චීනයට ලබා දීමට එරෙහිව හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.
නාමල් රාජපක්ෂ මහතා මේ වන විට නීතිඥවරුන්ගේ හමුවකට සහභාගි වීම සඳහා මාලදිවයින බලා ගොස් සිටී.
ඒ අනුව ආපසු පැමිණිමේදී අධිකරණයෙන් ලබා ඇති වරෙන්තු මත කටුනායක ගුවන් තොටුපලේදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩකඩක් තිබේ.
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි නියෝග නිකුත් වෙයි!
2025-07-28T15:35:00+05:30
Gossip Lanka Hot News






