ජනපති අනුර බදු අඩු කරගන්න ජනපති ට‍්‍රම්ගේ ලගම කෙනෙකුට අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ නියෝජිත කාර්යාලයේ තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
අන්තර්ජාලය හරහා පැවැති මෙම සාකච්ඡාවේදී ඇමරිකාව විසින් මෙරටට පනවා ඇති තීරු බදු අඩුකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
දෙරට අතර ආයෝජන සබඳතාව වර්ධනය කරගැනීමටද මෙහිදී අවධානය යොමු කර ඇත.
මුදල් අමාත්‍යංශය ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා ද ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ නියෝජිත කාර්යාලයේ නිලධාරින්ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වී තිබේ.
ජනපති අනුර බදු අඩු කරගන්න ජනපති ට‍්‍රම්ගේ ලගම කෙනෙකුට අමතයි
2025-07-26T07:40:00+05:30
Gossip Lanka Hot News






