හැටන් පොලිසියේ සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිළධාරින් පිරිසක් (10) දින අලුයම 1:00ට පමණ හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකට ඇතුලු වී එම ආපන ශාලාව තුල කලහාකාරි ලෙස හැසිරෙමින් එම ආපනශාලාවේ හිමිකරුට පහර දීමට තැත්කර, හිමිකරුගේ නැගණියට පරුෂ වචනයෙන් බැන වැදුනේ යැයි කියන කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් සහකාර පොලිස් අධිකාරිවරයා විමර්ෂණයක් ආරම්භකර ඇත.
එම ආපනශාලාවේ හිමිකරුවන ඒ.එම්. ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ තමන් නීන්‍යානුකූලව බලපත්‍ර සහිතව ආපනශාලාවක්, බිලියට් සහ ස්නූකර් ක්‍රීඩා කිරිමට ආපනශාලාවට යාබදවම වෙනමම ශාලාවක් පවත්වාගෙන යන බවයි.
ඒ සදහාද නීන්‍යානුකූලව අවසර ලබා ගෙන ඇති බවත්, බිලියට් සහ ස්නූකර් තරගාවලියක් පැවැත්වූ බවත්, ඉන් අවසන් තරගය (09) දින පවත්වමින් සිටි අවස්ථාවේ අධික ලෙස බීමත්ව පැමිණි හැටන් පොලිසියේ නිළධාරින් පිරිසක් සිවිල් ඇදුමින් සැරසී තම ආපනශාලාවට ඇතුලු වී කලහාකාරි ලෙස හැසිරී තම සොහොයුරියට පරුෂවචනයෙන් බැනවැද තමන්ටද පහර දීමට තැත්කල බවයි. පසුව තමන් ඒ පිලිබදව 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත පැමිණිලි කිරමත් සමග එම පොලිස් නිළධාරිනි පිරිස පිටව ගිය පසු හැටන් පොලිසියේ නිළධාරින් දෙදෙනෙකු (10) දින අලුයම 1:45ට පමණ තම ආපන ශාලාව වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති විමර්ෂණයක් සිදු කරන ලෙස ප්‍රදීප් කුමාර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.
අප මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අදාළ පොලිස් නිළධාරින් පිරිස රාජකාරි කටයුත්තක් සදහා පොලිස් ස්ථානයෙන් බැහැර යන බවට පොලිසියේ සටහන් පොතේ කිසිදු සටහනක් තබා නොමැති බවයි.
සිද්ධිය සිමබනිධයෛන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ලද පොලිස් පණිවිඩය මත අදාළ ආපනශාලාව වෙත පිටත් කර යැවූ බවයි.
– රංජිත් රාජපක්ෂ