gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

වැඩ තහනමට ලක් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (9) රාත්‍රි අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර්  මහතා පැවසීය

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවෙකුට නිදහස ලබා දුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත

අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්කල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඊයේ (8) දිනද ප්‍රකාශ ලබා ගත් අතර අද (9) ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබියදී ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත

සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කොළඹ අලුත් කඩේ අංක එක අධිකරණය වෙත හෙට (10)  ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka