gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“පුනරුදයේ රඟ, මාස හයට ලුණු පැකට් එක හාරසීයයි”

ලුණු පැකට් එකක් රුපියල් හැටක් වීමට වසර 76 ගියත් ලුණු පැකට් එක රුපියල් හාරසිය කිරීමට මේ ආණ්ඩුවට මාස හතෙන් හැකි වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) කොළඹ ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙම මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

“ වසර 76ක් ගියා ලුණු පැකට් එකක් රුපියල් හැට වෙන්න. මාස හතකින් හැටේ තිබුණු ලුණු පැකට් එක රුපියල් 350යි 400යි. මේක තමයි පුනරුදයේ රඟ. අර හේවගේ කියනවා තිබුණු ආණ්ඩුව වගකියන්න ඕනලු. උන්දැගෙ නෝනට බබෙක් හම්බෙන්න හිටියත් තිබුණු ආණ්ඩුව වගකියන්න ඕනලු. තිබුණු ආණ්ඩුවට තමයි ඒකෙ බිල දාන්නේ. හොඳ වෙලාවට එහෙම එකක් නැහැ. නැත්නම් කරුමෙට වගකියන්න ඕන තිබිච්ච ආණ්ඩුව. මේක පුදුම විහිළුවක් ආණ්ඩුවේ ගොබිලෝ කියන්නේ තිබුණු ආණ්ඩු මේවට වගකියන්න ඕන කියලා. අර හඳුන්නෙත්ති විවෘත කරපු කර්මාන්තශාලාව කෝ වැහිලද. මේ ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ අද ගුරුපත්වීම ගත්තු මිනිහට ප්‍රින්සිපල්කමක් දුන්නා වගෙ වැඩක්.” 

මේ යෝධයෝ ලුණු පැකට් එකෙනුත් මාටියා ගහනවා

“ හාල්වලින්, ලුණු පැකට්වලින් මාටියා ගහපු ආණ්ඩු දැකලා නැහැ. මේ යෝධයෝ ලුණු පැකට් එකෙන් මාටියා ගහනවා. මේ ආණ්ඩුව අලුතෙන් කිසිම තීරණයක් නොගන්න ආණ්ඩුවක්. හාල් මිල පාලනය කරන්න කියලා සතොස දැම්ම ටෙන්ඩර් හතරම අවලංගුයිනේ. ඒ පුද්ගලික හාල්මෝල් හිමියන්ට ඇති පදමට ගෙන්න ගන්න.  ටෙන්ඩරේ දැම්මෙම අවලංගු වෙන්න. හාල් ලාබේ කොහාටද ගෙවිලා යන්නෙ. කවුද ඒ කොටස ගිලගන්නෙ. කන්ටේනර් තුන්සිය ගානෙන් ගහපු මාටියා ගැහිල්ල අපි කවුරුත් දන්නෙ නැහැ. රතු ලැයිස්තුවේ තිබුණු ඒවා කවුරුත් දන්නෙ නැහැ. මේ මාටියා ගැහිල්ල කලේ ඉංග්‍රීසියෙන්. අනිත් එවුන් කළේ සිංහලෙන්. අනුන්ගේ ඕපදූප හොය හොය ඉන්න ළිඳ සංගමයේ ආණ්ඩුවක් මේක. වෙන වැඩක්නම් මුන්දැලා දන්නෙ නැහැ. නැත්නම් ලුණු පැකට් එකක් හොයාගන්න බැරි මට්ටමට යනවද. ලුණුවලින් තොර ආහාර පරිභෝජන රටාවකට ජන සමාජය අරගෙන ගිහිල්ලා පුනරුදයේ පිහිටෙන් අධික රුධිර පීඩනය තුරන් කිරීමේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරනවා. සාදු සාදු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.”
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka