gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

Vitzට වඩා ලාබෙට Land Cruiser… Raizeට වඩා ලාබෙට Porsche.. ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියේ මිල ගණන් එලියට…

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දාහතක් වෙන්දේසියේ අලෙවි කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවේචන එල්ල වෙමින් ඇත. මෙම වෙන්දේසිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීත් සමාජ ජාලාවත් අදහස් පළවෙමින් තිබේ.

ඒ මගින් පෙන්වා දෙන්නේ මෙම වාහන අලෙවි කර ඇත්තේ වෙළඳපොලේ දැන් පවතින මිලට වඩා ඉතා පහළ මිල ගණන් යටතේ බවය.

හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක භාවිතා කල පොෂේ වර්ගයේ මෝටර් රථය අලෙවි කර ඇත්තේ දැනට වෙළඳපොලේ පවතින ටොයිටා රේස් වර්ගයේ රථයකට වඩා අඩු මිලකටය.

ටෝයොටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ වාහනයක් අලෙවි කර ඇත්තේ ටොයොටා විට්ස් වෙනුවට හදුන්වා දී ඇති යාරිස් රථයකට වඩා අඩු මිලකටයි.

අදාල වෙන්දේසිදි වාහන අලෙවි වූ මිල ගණන් සඳහන් ලේඛනයක් සමාජ ජාල වලද හුමාරුවෙමින්  තිබේ.


මෙම වාහන වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 200ක මුදලක් උපයාගෙන ඇතත් චෝදනා එල්ල වන්නේ මෙම වාහනවල වෙළඳපොල වටිනාකම අවම වශයෙන් රුපියල් කෝටි පනහ ඉක්මවනු ඇති බවටය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka