gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයට සහය දුන් බුද්ධි අංශ ප්‍රභලයින් ගැන ෆොන්සේකා හෙළි කරයි

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මොනරා පුවත්පතේ කතෘ ආරියනන්ද දොඹගහවත්ත සමඟ සිදු කළ සාකච්ඡාවකදී පවසන්නේ පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවත් ඊට බුද්ධි අංශවල ප්‍රබලයන් සම්බන්ධ බවයි.

ඇතැම් ජෙනරල්වරුන් ඊට සම්බන්ධ බවට තමන් විශ්වාස කරන බවත් ඔවුන්ගේ නම් තමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් හෙතෙම කියයි.

ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිවරණයෙන් ජය ගැනීමත් සමඟ ප්‍රහාරයට සහාය වූ නිලධාරීන්ට ප්‍රභල තනතුරු හිමි වූ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

‘මම පාර්ලිමේන්තුවේදී කිව්වා. පුළුවන් නම් හැන්සාඩ් එක අරගෙන බලන්න. මම එළියට ගිහින් කිව්වොත්, මට නීතිඥයෝ අල්ලාගෙන නඩු කිය කියා ඉන්න වෙනවා. ඒ මිනිස්සුත් අනිවාර්යයෙන් ලැජ්ජාවට නීතිඥයන් පස්සේ යයි. මටත් වෙලාව නාස්ති කරන්න වෙනවා.

අනිවාර්යයෙන්ක කුමන්ත්‍රණයක් තිබුණා. බුද්ධි අංශවල ප්‍රබලයන් සම්බන්ධ වෙලා තිබුණා. නම්ගම් පාර්ලිමේන්තුවේ කිව්වා. සමහර හමුදාවේ හිටපු ජෙනරල්ලා මේකට සම්බන්ධයි කියලා විශ්වාස කරනවා. ඒගොල්ලෝ නැගෙනහිර පැත්තේ රාජකාරීත් කරනවා. සහරාන්ට පඩි ගෙවන්න පටන් ගත්තේ ඒගොල්ලන් තමයි.

ඒගොල්ලෝ තමයි ප්‍රතිඵල ලබා ගත්තේ. පාස්කු ප්‍රහාරය ඉවරවෙලා ගෝඨාභය දිනුවයින් පස්සේ ඒ ඒ නිලධාරීන් ප්‍රබල තනතුරුලට ආපහු ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ අවශ්‍ය පරිදි සියලු දේ යටපත් කරගෙන මේවා වුණා. හිටපු ජනාධිපති ප්‍රහාරය වෙනකොට කියා තිබුණා, අරන්තලාවේ භික්ෂු ඝාතනය කළේ කවුද කියලා මට කියන්න බෑ.

ඒක පොඩි ළමයෙක් වුණත් කියන්න බය නෑනේ. නැගෙනහිර ත්‍රස්තවාදී නායකයෝ දෙන්නා කරුණායි, පිල්ලෙයානුයි. ඒ නම් දෙක කියන්න බයයි පාස්කු ප්‍රහාරය එනකොට හිටපු සේනාධිනායකයා. ඒවා කියන්න බෑ කිව්වොත් මට වෙඩි තියයිලු. ඒ වගේ පුද්ගලයෙක් තමයි සේනාධිනායකයා හිටියේ. එතකොට පරිසරය තිබුණා. ප්‍රහාරය එල්ල වුණායින් පස්සේ ක්‍රියාත්මක වුණේ නෑ. ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වේත් නෑ. හිටපු සේනාධිනායකයා කෝල් එකක් දීලා කිව්වා, අගමැති කැඳෙව්වත් යන්න එපා කියලා. නොයෙක් අය නොයෙක් ආකාරයෙන් මේකට දායක වුණා.‘ යනුවෙන් පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka