සභා පිහිටුවන්න සහාය ඉල්ලා මාලිමාව පොහොට්ටු මන්ත‍්‍රිලා පස්සේ... CCTV පටිගත වෙලා!
ජාතික ජන බලවේගය පොදුජන පෙරමුණේ තේරී පත් වූ සාමාජිකයින්ගේ සහාය ලබාගෙන සභා පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
ජාතික ජන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ සහාය ඉල්ලා සිටින ආකාරය සහ තර්ජනය කරන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන තමන් සතුව ඇති බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
‘ඒ දවස්වල ජාතික ජන බලවේගය කිව්වා ස්වාධීන කණ්ඩායම්වල හොරු ඉන්නවා කියලා. පරණ හොරු ආවේ ස්වාධීන කණ්ඩායම්වලින් කියලා. දැන් අපේ සාමාජිකයන්ට හොරෙන් සම්බන්ධ වෙනවා. ඔවුන් අලුත් උපක්‍රමයක් පාවිච්චි කරනවා පටිගත වෙයි කියලා බයට ජංගම දුරකථන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ නිවෙස්වලට යනවා. අපි ඔවුන්ට අනතුරු අඟවනවා ගෙවල්වලත් සීසීටීවී කැමරා තියෙනවා’
සභා පිහිටුවන්න සහාය ඉල්ලා මාලිමාව පොහොට්ටු මන්ත‍්‍රිලා පස්සේ... CCTV පටිගත වෙලා!
2025-05-23T17:13:00+05:30
Gossip Lanka Hot News






