gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සර්ව ජන බලයේ අපේක්ෂකයෙක් කැන්වසින් යන ගමන් නිවසක තනිව සිටි තරුණ කාන්තාවකට ලිංගික අතවර කරලා!

දහනව හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට සර්වජන බලය පක්ෂයෙන් ලග්ගල ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සර්ව ජන බල පක්ෂයෙන් පක්ෂයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙක් ගෙයින් ගෙට ගොස් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් සිටිය දී  පෙරේදා  ( 03 ) දහවල් 12.30ට පමණ ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේ නිවසකට ගොඩවැදී තිබේ. මේ වනවිට නිවසේ සිට ඇත්තේ ඉහත 19 හැවිරිදි තරුණ කාන්තාව පමණි.

ඡන්ද අපේකේෂකයා නිවසේ සිටින්නේ කවුරුදැයි විමසා ඇති අතර තරුණිය පවසා ඇත්තේ ඒ අවස්ථාවේ දී නිවසේ සිටින්නේ තමන් පමණක් බවය. ඒ සමගම අපේක්ෂකයා තරුණියට රැකියාවක් තිබේ දැයි විමසමින් නිවස තුළට ඇතුළු වී ඇත. රැකියාවක් නොමැති බව තරුණිය කී විට පැමිණිලිකාරියගේ පිට අතගා සාලයේ පුටුවක ඉඳගෙන ඔහු මෙවර ඡන්ද අපේක්ෂකයෙක් බවත්, තමාට ඡන්දය ලබා දෙන්නේ නම් මාතලෙන් රැකියාවක් දිමට කටයුතු කරන බවත් පවසා තරුණ කාන්තාවගේ වෙනත් තොරතුරු විමසා තිබේ.

තොරතුරු කතා කරමින් සිටින විට ඡන්ද අපේක්ෂකයා තරුණ කාන්තාවගේ අතින් ඇද ඇත. එහිදී කාන්තාව අත ගසා දමා තිබේ. අනතුරුව සැකකරු තරුණ කාන්තාවගේ ඉණවටා අත යවමින් ලිංගික අතවරයක් කළ බවට තරුණිය පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත.

වැලිවර්ණාගොල්ල හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචි හතළිස් අට හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ගේ මහතා ගේ උපදෙස් මත ලග්ගල පොලීසිය පරීක්ෂණ පවත්වයි



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka