gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොලොන්නරුව නගර සභාවට තරගවදින NPP අපේක්ෂකයෙකුගේ නිවසට පැන නවතා තිබූ යතුරු පැදියට ගිනි තියලා… නිවසේ පියස්සත් විනාශයි!

මෙව‍ර ජාතික ජන බලවේගයෙන් පොළොන්නරුව මහ නගර සභාවට තරග වදින අපේක්ෂකයෙක් වූ ලලිත් තිස්ස කුමාරගේ නිවසට පැන නිවසේ පෝටිකෝව යට නවතා තිබූ ඔහුගේ යතුරු පැදියට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව පොලොන්නරුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොළොන්නරුව නව නගරයේ පිහිටි ඔහුගේ නිවස තුළ මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ සවස  3.00ට පමණ බවත්,  නිවසේ  තාපයෙන් පැන  කිසියම් පිරිසක් මෙම අපරාධය කර ඇති බවත්  ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන පොළොන්නරු පොලිසිය සඳහන් කරයි.

යතුරුපැදියට ගිනි තබන අවස්ථාවේදී අපේක්ෂකයා නිවසේ සිට නැත.  ඔහුගේ බිරිය  සහ දරුවන් දෙදෙනා පමණක් සිට ඇති අතර යතුරුපැදියට ගිනිගැනීම හේතුවෙන් නිවසේ වහලයේ කොටසකටද, තවත් ලිපි ද්‍රව්‍ය කිහිපයකටද ගිනි ඇවිලි විනාශ වී තිබේ.

නිවසට ගිනි ගැනීමත් සමග අවට නිවෙස් හිමියන් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.  පොලොන්නරුව පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

මනම්පිටිය නිමල් ජයරත්න


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka