සින්දූර් මෙහෙයුම : ඉන්දීය හමුදා ත්‍රස්තවාදී කඳවුරු වෙත නිවැරදිව පහරදෙන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි
ඉන්දීය හමුදා ඊයේ උදෑසන, ඉන්දියාවට එරෙහි ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කර සහ යොමුකර ඇති පාකිස්ථානයේ සහ පාකිස්ථාන පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් වෙත ‘සින්දූර් මෙහෙයුම’ දියත් කළ බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ සමස්තයක් ලෙස ස්ථාන නවයක් (9) ඉලක්ක කර ඇති බවයි.
“අපගේ ක්‍රියාවන් අවධානය යොමුකරන ලද, මනින ලද සහ තත්ත්වය උත්සන්න නොකරන ආකාරයේ ක්‍රියාවන් වේ. මෙම ප්‍රහාරයන් විසින් පාකිස්ථානයේ කිසිදු හමුදා පහසුකමක් ඉලක්ක කර නොමැත. ඉන්දියාව ඉලක්ක සහ ක්‍රියාවට නැංවීමේ ක්‍රමවේදය තෝරා ගැනීමේ දී සැලකිය යුතු සංයමයක් පෙන්නුම් කර ඇත. මෙම පියවර ගනු ලැබූයේ ඉන්දීය ජාතිකයන් 25 දෙනෙකු සහ එක් නේපාල පුරවැසියකු ඝාතනය කරන ලද පහල්ගම් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ය. අපි මෙම ප්‍රහාරය සඳහා වගකිව යුත්තන්ට දඩුවම් ලබා දෙන බවට අපගේ කැපවීම ඉටු කරමින් සිටිමු.” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.
සින්දූර් මෙහෙයුම : ඉන්දීය හමුදා ත්‍රස්තවාදී කඳවුරු වෙත නිවැරදිව පහරදෙන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි
2025-05-08T08:08:00+05:30
Gossip Lanka Hot News






