රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් GMOA නාමය ආණ්ඩුවේ දේශපාලන බලපෑමට ලක්වෙමින් JMOA වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආරංචි මාර්ග පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව වසරක් පාසා නිලවරණය පවත්වන නමුත් බලයේ සිටින නිල මණ්ඩලයට එම තනතුරුවල තවත් වසරක් රැදී සිටිමට සාමාජිකත්වය අවසර ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදය බව උක්ත තොරතුරු අනාවරණය කරයි.
එහෙත් මෙවර නිලවරණය වසරකින් පසුව පැවැත්විය යුතු බව ඇමතිවරයාගේ විශේෂ සැලකිල්ලට ලක් වෙමින් සිටින පෙර සිටි නිලමණ්ඩලය තරයේ ප්‍රකාශ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු පැවසුවේය.
මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කණ්ඩායම් දෙකකට බෙදී ඇති බවත් එක් කණ්ඩායමක් වත්මන් නිල මණ්ඩලයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන අතර අනෙක් කණ්ඩායම රජයට ගැති භාවයක් එළිපිටම ප්‍රකට කරන හිටපු නිල මණ්ඩලයට පක්ෂපාතිත්වයක් පෙන්නුම් කරන බවද එම සාමාජිකයා කීය.
මේ අනුව සෞඛ්‍ය ඇමතිවරයාගේ විශේෂ කරුණාවට ලක්වන පිරිස අතට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලය මාරු වුවහොත් වෘත්තියේ අභිවෘද්ධි වෙනුවෙන් මෙතෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සංගමයක් ලෙස අත් පත්කරගත් පෞරුෂය ව්‍යසනයට ලක්වනු ඇතැයි ද සංගමය තුළ බියක් ඉපදී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
හිටපු නිල මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයින් වත්මන් රජයට ගැතිකම් කිරීම පිලිබඳව සංගමයේ බහුතර සාමාජිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව ද වාර්තා වේ.
-lankasara