වතිකානුවෙන් කළු දුමාරයක්! ඡන්ද විමසීමේ අවුලක්! නව පාප්වහන්සේ තෝරාගැනීම කල්යයි!
නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ.
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම මෙලෙස සිදුකෙරෙන අතර ඒ සඳහා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමඟින් සංකේතවත් වන්නේ ඊයේ දිනයේ දී නව පාප්වරයෙකු තේරී පත් වී නොමැති බවය.
ඒ අනුව අද (08) දිනයේ දී යළි ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
වතිකානුවෙන් කළු දුමාරයක්! ඡන්ද විමසීමේ අවුලක්! නව පාප්වහන්සේ තෝරාගැනීම කල්යයි!
2025-05-08T11:56:00+05:30
Gossip Lanka Hot News






