හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරෙයි පොලිස් කොට්ඨාශයට මාරු කර යවා තිබේ.
පොලිස් පරීක්ෂක ආරියවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරියෙකුට ලබා දුන් දුරකථන ඇමතුමක් සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් මෙම මාරු කිරීම සිදු කර ඇත.
මෙම ඇමතුම ලබා දී ඇත්තේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ රනිල් වික්‍රමසිංහ අතර දුරකථන ඇමතුමක් පැවැත්වීමට පහසුකම් සැලසීමට කළ උත්සාහයක් නිසා බව කියනු ලැබේ.
පොලිස් පරීක්ෂක ආරියවංශ දීර්ඝ කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක අංශයේ විශ්වාසවන්ත සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
ඔහුව ඉවත් කිරීමේ තීරණය කරන ලද්දේ වැඩබලන පොලිස්පතිවරයා විසිනි.