2025-05-20 දින පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාට එරෙහිව එල්ල කළ චෝදනා සහ ඒ අවස්ථාවේ දී කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීවරිය සහ අමාත්‍ය බිමල් රත්නායකගේ ක්‍රියාකලාප ස්ථාවර නියෝග උල්ලංඝනය කිරිමක් බව සඳහන් කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු සිවු දෙනකුගේ සහ මන්ත්‍රීවරියකගේ අත්සනින් යුත් ලිපියක් කතානායක වෙත යොමු කර ඇත.
එම ලිපියෙන් ඔවුන් අවධාරණය කර සිටින්නේ එදින පාර්ලිමේන්තුවේ දී කෞෂල්‍යා ආරියරත්න මන්ත්‍රීතුමිය කථානායකතුමා ලබා දුන් අවසරය අභියෝගයට ලක් කරමින් සහ ස්ථාවර නියෝග අභියෝගයට ලක් කරමින් ප්‍රකාශයක් නිකුත් කළ බවයි.
එමෙන් ම බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ආරෝපිත චෝදනා රැසක් එල්ල කරමින් ප්‍රකාශයක් සිදු කළ බවත්, එම ප්‍රකාශය තුළින් ස්ථාවර නියෝග 91 (ඌ) වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි.
එබැවින් 2025-05-20 දින පාර්ලිමේන්තුවේ ගරු සභානායකගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදු කරන මෙන් ඔවුන් ඉල්ලා සිටී.
මතු දැක්වෙන්නේ කථානායකවරයා වෙත යොමු කර ඇති සම්පූර්ණ ලිපිය යි.