gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අපි සියල්ල අත් හරින ව්‍යාපාරයක්… වෘත්තීය සමිති හූණු බිජුවක් ඉල්ලන්න එපා…!

ශ්‍රී ලංකාවේ දේශපාලන බලවේගයක් ලෙස දැන් පවතින්නේ ජාතික ජන බලවේගය පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ ගාලු මුවදොර පැවති එම පක්‍ෂ මැයි දින රැලිය අමතමින් ඔහු පැවසුවේ ප්‍රතිවාදී කණ්ඩායම් තව දුරටත් දේශපාලන ව්‍යාපාර නොවන බවත් ඒවා කුණු ගොඩවල් පමණක් බවත්ය.

ජාතික ජන බලවේගයට පිටතින් කිසිදු අභියෝගයක් නොමැති බවත් එම අභියෝගය ජාතික ජන බලවේගය තුළම පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.

මාස හයක් ඇතුළත කිසිවෙකුට ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බවත් නිසි සැලැස්මක් සහිතව රට ඉදිරියට ගෙන යාමට රජය ශක්තිමත් අඩිතාලමක් දමා ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

‘අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පරණ ආකල්ප අත්හරින්න. හූනු බිකත් ඉල්ලලා සටන් කරන කාලය අවසන් කරන්න. හූණු බිකටත් පොර බදන කාලය අවසන් කරන්න.

දේශපාලන අධිකාරියක් ඇවිල්ල තියෙනව සියල්ල අත්හරින. අපිට පණක්වලින්, ගැසට්වලින්, රෙගුලාසිවලින් ලබාදීලා තිබෙන බොහෝ දේ අපි අත්හරිනව දේශපාලන අධිකාරිය. හැබැයි වෘත්තිය සමිති ව්‍යාපාර විතරක් හූණු බිජුවක් තරං හැමදේම ඉල්ලන්න එපා.

කාලයක් දෙන්න අපිට ඔබ පාරට බැහැලා අපි අවදි කරන්න ඔ්න ව්‍යාපාරයක් නොවෙයි අපි ඔබ දන්නවා. ඔබත් එක්ක වැඩ කරල තිබෙනව. ඔබගේ අපේක්‍ෂාවන් දන්නව. එහෙම නොදන්නව නම් අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නෑ ඔබගෙන් හීන් කෙඳිරියක්වත් නැතුව අපි මූලික වැටුප වැඩි කළා. ඔබගේ කෙඳිරියක් නැතුව අපි ආපදා දීමනාව වැඩි කළා. අපාදා ණය වැඩි කළා. ඔබගේ කිසි ඉල්ලීමක් නැතිව අපි වැටුප් වර්ධක වැඩි කළා. ඔබට ලබා දෙන අතිරේක කාලය දීමනා වැඩි කළා.

හැබැයි චූටි වාක්‍යක එල්ලිල සටන් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක යුක්ති සහගත නෑ.

අද ඇවිල්ල තියෙන්නෙ මොන ව්‍යාපාරයක්ද. රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙන රට ඉස්සරහට ගෙනයාම සඳහා සූදානම් වන ව්‍යාපාරයක්.

එහිදී අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳගැනීමේ කාලය උදාවී තිබෙනවා.

අද ඉන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුයි කියන දේශපාලන ව්‍යාපාරක්. අද ඉන්නෙ ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි මේ රට ගොඩනැගීම සඳහා කියල විශ්වාස කරන ව්‍යාපාරයක්’
-emanisa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka