මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය අතර බරපතළ පිල් බෙදීමක් මතුව ඇතැයි වාර්තා වෙයි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර දිසානායක ජවිපෙ 60 වන සංවත්සර වේදිකාවේ සිට සිදුකළ අවේගාත්මක කතාවෙන් එය තහවුරු වන බවයි.
එහි දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජවිපෙ නොවන්නට කිසිදු දේශපාලන කඳවුරක පාපිස්සට පවා නොගන්නා අය අද වීරයන් බවට පත්ව ඇති බවයි.
කලක් ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් සජබ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ පෙන්වා දෙන්නේ මේ වන විට අගමැතිනි හරිනි අමරසූරිය සමග මාලිමාවේ මන්ත්‍රීවරුන් 36 දෙනෙකු වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන හිතවතුන් පිරිසක් සමග ප්‍රකාශ කොට ඇත්තේ හරිනි සහ මෛත්‍රී අතර ගැඹුරු දේශපාලන සාකච්ඡාවක් සිදුවන බවයි. එහි දී මෛත්‍රී යනුවෙන් හඳුන්වා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ බව ද දැනගන්නට තිබේ.
-emanisa