gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ විජයරාම නිල නිවසේ අලුත්වැඩියාට යෙදවූ කෝටි 120කින් කෝටි 56ක් ගහගෙන… විගණනය කියන කතාවක්!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වාසය කරන විජයරාම නිල නිවසේ අලුත්වැඩියා සහ නවීකරණ ව්‍යාපෘතියක් වෙනුවෙන් සිමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් එකසිය දහ නව කෝටි හැට දෙලක්ෂ පනස් දහසක් වටිනා ( රුපියල් මිලියන 1,196.25ක් )  ඉන්වොයිස්පත් නිකුත්කර තිබුනද ඒ අතර තිබූ පනස් පන් කෝටි හැත්තෑ ලක්ෂ තිස් දහසක ( රුපියල් මිලියන 557.03ක ) වවුචර්පත් සාවද්‍ය ලෙස යොදා තිබු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

මෙමගින් සමාගමේ භාණ්ඩ හා සේවාවන්හි විකුණුම් අගය ද වැඩිකර දක්වා තිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021 ඔක්තෝබර් 26 දිනැති අමාත්‍ය මණ්ඩල තිරණය මගින් මෙම නිල නිවස අලුත් වැඩියා කිරිම සඳහා අනුමැතිය ලබා දි තිබුණි.
අළුත්වැඩියා හා නඩත්තු කිරිමට අදාළව සමාගම විසින් රුපියල් මිලියන 639.22ක් වටිනා ඉන්වොයිස් 2024 මැයි මස 14 දින වනවිට නිකුත්කර තිබුණි.

මෙම නිල නිවසේ නවිකරණ කටයුතු සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ගිවිසුම්ගතවීමක් නොමැතිව රුපියල් එක් කෝටි තිස් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් ( මිලියන 13.07ක්) ගෙවමින් ගෘහ නිර්මාණ ශිල්පින්ගේ තෝරාගනු ගෙන තිබුණි.

ඔවුන්ගේ වාචික උපදෙස්මත ව්‍යාපෘතියට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ඔවුන් විසින් නම්කරණු ලැබු සැපයුම්කරුවන් 16 දෙනෙකුගෙන් තරගකාරි මිල කැදවිමකින් තොරව සංස්ථාවේ ගැනුම් ඇනවුම් මත ව්‍යාපෘතියට භාණ්ඩ නිකුත්කර ඉන්වොයිස්කර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ පිළිබද ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ ආයතන මට්ටමින් මේ පිළිබද තොරතුරු අනාවරණය කරගැනිමට අභ්‍යන්තර විගණන අංශයට යොමුකර ඇති බවය.
-ලලිත් චාමින්ද
lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka