gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චරිත් දිල්ශාන්ට වද දුන් ම්ලේච්ඡයින් 09ක් ගැන ඔහු සමග වදයට ලක් වූ සිසුන් 18ක් නම් ගම් සහිතව හෙළි කරති… පැමිණිල්ල මෙන්න...

සිය දිවි නසා ගත් චරිත් දිල්ශාන් අමානුෂික නවක වදයට ලක් කළ බවට සහතික කරමින් සබරගමුව තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුන් 18 දෙනෙක් ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ඨ සිසුන් 09 දෙනෙකුගේ නම් ගම් හෙළිදරවු කරමින් විශේෂ ප්‍රකාශයක් ලබා දී ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.

එමෙන්ම චරිත් දිල්ෂාන් සිය දිවි නසා ගැනීමට පෙර සිය මිතුරන් වෙත එවූ වට්ස්ඇප් පණිවිඩ කීපයක් ද එම සිසුන් විශ්වවිද්‍යාල පරිපාලනය වෙත ලබා දී ඇත.  එම සිසුන් 09 දෙනා මේ වනවිට හඳුනාගෙන තිබේ.

නවක වදය   ගර්හිත මනෝ විකෘමය පීඩාවක් වුව ද  එම පීඩාව සරසවි සම්ප්‍රදාය තුළ දෙවැනි වසරේ සිසුවෙක් හෝ සිසු කණ්ඩායමක් වෙත මුදා හැරෙන්නේ නැති වටපිටාවක මේ සිදුවී ඇති ම්ලේච්ඡ ක්‍රියාවලිය සම්බන්ධව විමර්ශකයින්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

නවක වධකයින්  09 දෙනා සම්බන්ධව දෙවැනි වසරේ සිසුන් හෙළි කර ඇත්තේ චරිත් සමග  තමන් ද එම ම්ලේච්ඡ වදයට ලක් වූ බව කියමිනි.

එම පැමිණිල්ල මෙසේය.

‘‘ 04/27 දින අවුරුදු උත්සවයට සහභාගී වීමට හා එහි වැඩ කටයුතු සඳහා 21/22 තාක්ෂණ පීඨයේ අප සහෝදරයා විශ්වවිද්‍යාලයට පැමිණියා. චරිත් සහෝදරයා 26 දින ඔහුගේ මහපොළ ගැටලුවක් විසඳා ගැනීමට සහ අවුරුදු උත්සවයට සහභාගී වීමට විශ්වවිද්‍යාලයට පැමිණියා. 26 දින රාත්‍රී 10.15 ට පමණ වෙනුර නේවාසිකාගාරය තුළ චරිත් සහෝදරයා කොට කලිසමක් හැඳ කොරිඩෝවේ   සිටි බව  පවසා තාක්ෂණ පීඨයේ තෙවැනි වසර සිසුන් පිරිසක් චරිත් සහෝදරයාව වෙනුර නේවාසිකාගාරයේ 123 කාමරයට රැගෙන ගියා. ඉන් පසු පැය භාගයකට පමණ  පසු නේවාසිකාගාරයේ රැඳී සිටි අපගේ අනෙක් සහෝදරයන්ට ද එම කණ්ඩායම කතා කර අපිව රැගෙන ගියා. අපිව චරිත් ඉන්න  කාමරයට එක්කරගෙන යන විට චරිත් හට අමානුෂික වධහිංසා ලබා දෙමින් සිටියා. අපිට ද එහිදී අමානුෂික වධහිංසා ලබා දුන්නා. චරිත් සහෝදරයාට ද ඔහුගේ ඇඳුම් ගලවා යට ඇඳුම පිටින් අමානුෂික වධහිංසා ලබා දුන්නා. වධහිංසා ලබා දී අවසන් වන විට පාන්දර 2.30 පමණ වුණා. ඉන්පසු චරිත් වැඩි කතා බහක් නොමැති පැත්තකට වී කල්පනා කරමින් සිටියා. පසුදින චරිත් ගෙදර ගියා. ඉන් පසු ඔහු සියදිවි නසා ගෙන තිබුණා.‘‘ පැමිණිල්ලේ සඳහන්ය.

-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka