gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අස්ගිරි මහ නා හිමි නාන කාමරයේ වැටී කිසිවෙක් නොදැන පැය 04ක් ක්ලාන්තව ඉඳලා… ප්‍රභූ ආරක්ෂාව මාරයි!

ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය  වරකාගොඩ ඤාණරතන ස්වාමීන්වහන්සේ ආවාසගෙයි නාන කාමරයේ ඇද වැටී පුරා පැය 04ක් කිසිවෙකුගේ පිළිසරණක් නැතිව සෝචනීය තත්ත්වයක සිටි බව වාර්තා වේ. මේ හදිසි අනතුර සිදුවී ඇත්තේ පසුගිය සතියේවන අතර පැය හතරක් තිස්සේ නාන කාමරය තුළ ඇද වැටී කාල්න්ත තත්තවයෙන් බිම වැතිරී සිටි මෙම සිද්ධිය ප්‍රචාරය වන්නට ඉඩ නොදී මහා නායක හිමියන් එදිනම මහනුවර ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත

මේ වනවිටත් උන්වහන්සේ සිටින්නේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් බව අස්ගිරි පන්සලේ ආරංචි මාර්ග පවසයි. උන්වහන්සේට මේ අසාමාන්‍ය ව්‍යසනයට මුහුණ දෙන්නට සිදුවන්නේ. පිරිවාර භික්ෂුන්වහන්සේ සංඛ්‍යාවක්, විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්, සෞඛ්‍ය සේවාවක් පන්සල තුළම පවතිද්දී වීම කණගාටුවට කරුණක් වී තිබේ.

අතිපූජ්‍ය මහානායක හිමියෝ මේ බෞද්ධ සමාජයේ උත්තම ජීවමාන සංකේතයක් සේ සලකති. උන්වහන්සේ  අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්ත සඟ පරපුරෙන් බිහි වූ දහ වැනි වන මහ නාහිමියෝ වෙති. රාජ්‍ය නාකයින්, විදෙස් ප්‍රභූවරුන් උන්වහන්සේ බැහැදැකීම සහ ආශීර්වාද ලබා ගැනීම විශේෂ ගෞරවයක් සේ විශ්වාස කරති. දළදා වහන්සේ සම්බන්ධව තීන්දු ගැනීමේ දී උන්වහන්නේගේ කැමැත්ත මෙන්ම එකඟතාවය ද අවශ්‍යවීමෙන් ඒ අතීතයේ සිට පැවත එන ආනුභාව සම්පන්න ආගමික නායකත්වයේ ස්වරූපය ප්‍රකාශ වේ.

මේ ජීවමාන උත්තරීතර භික්ෂු නායකත්වය වෙනුවෙන් මහජන මුදලින් වැටුප් ලබන අති විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්, ගිහි කාර්ය මණ්ඩලයක්, වෛද්‍යවරයෙක්, විශේෂ සෞඛ්‍ය ඒකකයක් වෙන් වී තිබිය දී පරිවාර භික්ෂූන්වහන්සේ අතර අස්ගිරි මහ පන්සල තුළ මෙවැනි ව්‍යසනයක් සිදුවන්නේ කෙසේ දැයි බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කරන බව අස්ගිරි විහාර ආරංචි මාර්ගම පවසයි.

අඩුම තරමින් භික්ෂූන්වහන්සේ නමක් හෝ මහා නායක හිමියන් පැය 04ක් තිස්සේ නොපෙනී ඉන්න විට සිදුවන්නේ කුමක්දැයි නොවිමසීම මහා නායක හිමිපාණන් පන්සලේ ආවාසය තුළම අනාරක්ෂිත වීමේ යථාර්ථය ප්‍රකාශවන ආකාරය ගැන එම ආරංචි මාර්ග හෙළි කරයි.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka