පවුල් පිටින් එකතු වී රටේ මහජනයාගේ දේපල හොරකම් කරානම් පවුල් පිටින්ම විදවන්න ඕන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
“පවුල් පිටින් මහජනයාගේ දේපල හොරකම් කරානම් පවුල් පිටින් විදවන්න ඕන. තව එක්කනෙක් කියනවා, අපේ වයසට ගියපු ඇවිදින්න බැරි ආච්චිත් ගෙනියනවා. ආච්චිට එහෙම උනේ වංචනික මුණුබුරන් හින්දා. පවු..
හැබැයි මොකද වෙලා තියෙන්නේ, ඒ වයසක කෙනෙකුටවත් බේරෙන්න දෙන්නේ නෑ තමන්ගේ මුදල් සඟවා ගැනීමේ මෙවලමක් බවට වයසක ආච්චි පත් කරගන්නවා. අපි මොකක්ද කරන්නේ. අපිට කියන්න පුළුවන්ද, අපි හොයන්නේ මොකක්ද.?
මහජනයාගේ මුදල් හොරකම් කරලා කොතනද තිබ්බේ. තියලා තියෙන්නේ ආච්චි ගාවනම් ආච්චි ප්‍රශ්න කරනවා. තියලා තියෙන්නේ බාප්පා ගාවනම්.? බාප්පා ප්‍රශ්න කරනවා. බාප්පා තාම ආවේ නෑ. දැන් නඩු දෙකකට මගහැරලා ඉන්නේ. අපි බලාගෙන ඉන්නේ.
පොඩි බාප්පා.. නඩු දෙකකට මගහැරලා ඉන්නේ. අධිකරණයට ආවෙ නෑ. බලන් ඉන්නවා අපි මොකක්ද වෙන්නේ කියලා. ඊළග දෙවනි බාප්පා. කතරගම ගෙවල්. ඉතින් පවුල් පිටින් කරානම් පවුල් පිටින් විඳවන්න ඕන.”
