gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන 04ක් තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ - ගම්මන්පිල

ලොව බිහිසුණු ම කොටි ත්‍රස්තවාදය පැවැති යුගයේ එනම් 1991, 1994, 2005 සහ 2009 වසරවල දළදා ප්‍රදර්ශන පැවැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසුවේය.

දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ එක දවසට උපරිමය පැය පහයි. ඒ නිසා ප්‍රමාණය ඉක්මවා දළදා ප්‍රදර්ශනය පිළිබඳ ප්‍රචාරය කලොත් පාලනය කළ නොහැකි සෙනගක් එන බව තේරුම් ගත හැකි සරල කාරණයක්. අධිප්‍රචාරණය අවාසි ගෙන දෙන ක්‍රියාවක් කියලා නවයේ පන්තියේ වාණිජ විෂයටත් අපට ඉගැන්නුවා. ඒ නිසා නවය පන්තිය සමත් ඕනෑම කෙනෙකුට මේක තේරෙනවා. ඒ නිසා තමයි මීට පෙර දළදා ප්‍රදර්ශන වල දී ප්‍රචාරණය සීමිතව සිදු කලේ. නමුත් දේශපාලන වාසි තකා මාලිමාව කරපු අධිප්‍රචාරණය නිසා මහනුවරට දරා ගත නොහැකි ජන ගඟක් ගලා ආවා. හය දෙනෙක් මිය ගියා. පන්සීයකට ආසන්න පිරිසක් රෝහල් ගත කරන්න වුණා.

කොටි ත්‍රස්තවාදය පවතින අතරේ දළදා ප්‍රදර්ශන හතරක් කලා. ඒ 1991, 1995, 2004 සහ 2009 යන වසර වල දී. ලෝකයේ භයානකම ත්‍රස්තවාදි සංවිධානයටවත් එක ජීවිතයක් බිලි ගන්න බැරි විධියට කටයුතු සංවිධානය වුණා. නමුත් මෙවර කිසිම ත්‍රස්තවාදයක් නැතිව ජීවිත හයක් අහිමි වුණා.

ආණ්ඩුවේ සංවිධානයේ දුර්වලතා නිසා ජනතාවට ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තිබුණේ නෑ. ඒ නිසා ජනතාවට බර දරා ගන්න බැරි වුණාම බෝතල් වලට මළු වලට මුත්‍රා කරන්න මළ පහ කරන්න සිදු වුණා. දැන් නුවර වැව බේරේ වැව වෙලාලු. මහනුවර විසාලා මහනුවර වගේ වේවිලු. මේවා කියන්නෙත් ආණ්ඩුවේම අය. ආණ්ඩුව වෙනුවෙන් මහනුවර සිටින ඉහළම නිලධාරියා වන මධ්‍යම පලාත් ආණ්ඩුකාරතුමා කියනවා “තාක්ෂණය යොදා විද්‍යාත්මක පදනමක් මත දළදා වඳින්න එන සෙනඟ ගැන්නා නම් මෙවැනි විපතක් වෙන්නේ නෑ” කියලා. ඉතින් කවුද කරන්න එපා කිව්වේ. එතුමානෙ ඒක කරන්න ඕනි. මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ අය දැන් ආණ්ඩුව කියන එක අමතක වෙන එක. දැන් විවේචනය කර කර ඉඳලා වැඩක් නෑ. වැඩේ කරලා පෙන්වන්න ඕනි.

“අපට කසල කලමනාකරණය කර ගන්න බෑ. මහනුවර කසල දමා යන්න එපා” කියලා අගමැතිතුමිය ජනතාවගෙන් ඉල්ලුවා. නමුත් ජනතාව දවස් ගණන් පෝලිමේ සිටිමින් එකතු වන කසල කරේ එල්ල ගෙන දළදා මාලිගාව ඇතුලට යන්න ද? වෙනදාත් ජනතාව කසල බැහැර කලා. වැසිකිලි ගියා. ඒවා කලමනාකරණය කර ගන්න නිසි වැඩපිලිවෙලක් තිබුණා. මෙදා පාර ජනාධිපතිතුමාට පෞද්ගලිකව නුවර යන්න වුණා කුණු ටික අදින්න. ඔන්න ආණ්ඩුවේ නොහැකියාව. කුණු අදින එක වැන සරලම කාරණයකටවත් ජනාධිපති මැදිහත් වුණේ නැතිනම් සිදු වෙන්නේ නෑ.


ජනාධිපතිතුමා රට පුරා යමින් නගර සභා ප්‍රාදේශීය සභාවල බලය මාලිමාවට ඉල්ලනවා. නගර සභාවල ලොකුම වගකීම තමයි දිනපතා කුණු අදින එක. දින දහයක ජාතික උත්සවයක කුණු ටික ඇද ගන්න බැරි වුණු මාලිමාවට මුළු රටේම හැමදාම කුණු අදින්න පුළුවන් ද? මාලිමාවට පුංචි ආණ්ඩුවල බලය දුන්නොත් රටම විශාල මහනුවරක් වන බවට හොඳම සාක්ෂිය තමයි මහනුවර ව්‍යසනය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka