gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉන්දු-ලංකා ගිවිසුම් සගවලා නෑ.. පාර්ලිමේන්තුවේ සභාගත කලා.. ඔ්න කෙනෙකුට බලන්න පුළුවන්..- ටිල්වින්

ඉන්දියාව සමග අත්සන් තබන ලද ආරක්ෂක ගිවිසුම කිසිදු සැඟවීමක් කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එම ගිවිසුම් මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බවත් ඕනෑම අයකුටත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා  සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු තවත් මන්ත‍්‍රී පිරිස් ප්‍රකාශ කරන ලද්දේ මෙම ගිවිසුම් කිසිවක් මේ වනතෙක් පාර්ලිමේන්තුවේ සභාගත කරන් නැති බවයි.

ඒවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ අමාත්‍යංශවලින් ලබාගන්නා ලෙස දැනුම් දී ඇති බවද ඔවුන් කියා සිටිති.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින විට ඇතැම් කොටස් ජාතික ආරක්ෂාව හෝ ආර්ථිකය සම්බන්ධයෙන් සංවේදී කාරණා යැයි පවසමින් ලබා නොදී සිටීමේ හැකියාවක් ඇති බවද එම මන්ත‍්‍රීන් පෙන්වා දෙති.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka