gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉන්දීය – පකිස්තාන ගැටුම් අස්සේ ජනපති අනුර මෝදි අමතයි!

පසුගියද ඉන්දියාවට අයත් ජම්බු කාශ්මීරයේ පහල්ගම්හි පුද්ගලයන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ඊයේ (25) දින දුරකථන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළ අතර දෙරටේ නායකයෝ විනාඩි පහළොවකට ආසන්න කාලයක් දුරකථන සංවාදයේ නිරත වූහ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ දැන ගැනීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බවත් ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියානු ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳී සිටින බවත් ලොව කොතැනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කරන බවත් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මනින් පහ වී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka