gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

වෙන්දේසි නොකර V8 ටික නැවත බෙදා දෙන්නැයි ලොක්කෝ ලිඛිතව ඉල්ලති!

රජයේ ආයතන ප්‍රධානීන් පිරිසක් තමන් දැනට භාවිතා කරන වී එයිට් මාදිලියේ සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට අවසර දෙන ලෙස රජයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

අළුතින් වාහන මිලදී ගැනීමට රජය ප්‍රතිපාදන වෙන් නොකිරීම සහ ඊට වැයවන අතිරේක මූල්‍ය පිරිවැය වැනි කරුණු මත මෙම ඉල්ලීම සිදුකරන බව ඔවුන් එහි සඳහන් කර ඇත.

මෙම ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම අනුව, වෙනත් නිලධාරීන් සඳහා වාහන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දැනට භාවිතා කරන V8 ඇතුළු සුපිරි වාහන තවදුරටත් පාවිච්චි කිරීමට අවසර ඉල්ලා ඇත.

මේ අතර, පාර්ලිමේන්තු සභානායක කාර්යාලයට අයත් වැඩි එන්ජින් ධාරිතාවක් සහිත සුපිරි සුඛෝපභෝගී වාහන දෙකක් විකිණීම සඳහා මිල ගණන් කැඳවා ඇතත්, තක්සේරු මිල ගණන්වලට අනුව එම වාහන මිලදී ගැනීමට මේ දක්වා කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන්, එම වාහන දෙක සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත.

මීට පෙර රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, රජයේ ආයතන සතුව පවතින සුපිරි වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබුණි. එම පසුබිම තුළ ආයතන ප්‍රධානීන්ගේ මෙම ඉල්ලීම සලකා බැලීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka