පිල්ලෙයාන් CID එකේදී හඬා වැටෙයි! සමාජ මාධ්‍යයේ යන සමහර කතා බොරු! කිසිම දෙයක් තාම හෙළිකරලා නෑලු! VIDEO
දින අනුවක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ භාරයේ සිටින හිටපු හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හමුවී තිබේ.
ගම්මන්පිල මහතා පිල්ලෙයාන් හමුවී ඇත්තේ ඔහුගේ නීතිඥයා ලෙස කටයුතු කරන්නේ තමන් බව පොලිසියට දැනුම් දෙමිනි.
අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ අදාළ හමුව පැය බාගයක පමණ කාලයක් පවත්වා ඇති අතර එහිදී ඔහු කඳුළු සලමින් හඬා වැටුණු බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
සිර මැදිරියක් තුළ තමන් ගෙවන කටුක ජීවිතය ගැන ම ඔහු තමන් සමග අදහස් පල කරන ලද බවද හෙතෙම පැවසුවේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා අදහස් පළ කරන බවත් ගම්මන්පිල මහතා තවදුරටත් කියා සිටියේය.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ සිටියි.
අත්අඩංගුවට ගත් චෝදනාව සම්බන්ධයෙන් මිස වෙනත් කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් කිසිදු තොරතුරක් අනාවරණය කොට නොමැති බවද දැනගන්නට තිබේ.
පිල්ලෙයාන් CID එකේදී හඬා වැටෙයි! සමාජ මාධ්‍යයේ යන සමහර කතා බොරු! කිසිම දෙයක් තාම හෙළිකරලා නෑලු! VIDEO
2025-04-16T00:08:00+05:30
Gossip Lanka Hot News






