gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අති විශාල මුදලක ශරීර ඇප මත චාමර සම්පත් නිදහස්… එත් දිගටම ඇතුලේ!

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේය.

2016 දී ඌව පළාත් සභාව විසින් බදුල්ලේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු හයක් නියමිත කාලයට පෙර ආපසු ලබා ගැනීමේ චෝදනාව මත ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

මෙම මුදල් ආපසු ගැනීම නිසා රජයට රුපියල් ලක්‍ෂ 173 ක පාඩුවක් සිදු වූ බවත් සභාවට ලැබිය යුතු ආදායම අහිමි වූ බවත් චෝදනා එල්ල විය

මන්ත‍්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කිරීමක්ද කර ඇත.

කෙසේ නමුත් සැකකරුට ඇප ලබා දුන්නද පොදු දේපළ පනත යටතේ රහස් පොලීසිය සිදු කරන විමර්ශනයක් අනුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැවින් එම නියෝගය තව දුරටත් ක‍්‍රියාත්මකය.

අද දින සහ ඉදිරි දින දෙකෙහි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වීමට නියෝගය්කද අධිකරණය නිකුත් කලේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka