gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ටීචර් අම්මාට පොලිසිය දී ඇත්තේ අගමැති කාර්යාලයේ ලිපියකින්..

අප්‍රේල් 17, 18 යන දිනයන්හීදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කර තිබූ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ඇගයීම සඳහා පැවති උත්සවය සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව වාර්තා වෙයි.

සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විශාල පිරිසක් ඊට සහභාගී වන බැවින් අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙස ඉකුත් 08 වනදා ලිපියක් මඟින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දී ඇත.

මෙහිදී පොලිස් නිල වාහන හා පොලිස් නිලධාරින් නීති විරෝධී ලෙස භාවිතා කර ඇත්දැයි පරීක්‍ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කලේය.

අදාළ උත්සවය සඳහා ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසුන් අටදහසක් සහභාගී වන බවට දැනුම්දී මුදල් ගෙවීමේ පදනම මත පොලිසියෙන් එම පහසුකම් ලබාගෙන ඇති බවද ඔහු පැවසීය.

නමුත් ඇය එහිදී ඇයගේ වෙනත් කාර්යයක් සඳහා එම පොලිස් පහසුකම් ලබාගෙන ඇති බව නිරීක්ෂණ වෙන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවද ඔහු සඳහන් කළේය.

විශේෂ අවස්ථාවන්වලදී පොලිස් නිලධාරීන් පොලිස් වාහන මුදල් ගෙවීමේ පදනම  මත  ලබා  ගත  හැකි බවත් ඒ මහතා පැවසුවේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka