gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුමකට යන්න වූයේ 76 වසරක පාලකයන්ගේ වරදින්…- ජනපති (Video)

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය තුලදී එකඟතාවයට පැමිණි දෙරට අතර ආරක්ෂක පිවිසුමේ කිසිවක් නැති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. දැනටමත් සිදුවෙමින් පවතින කාර්යයන් මේ හරහා යම් විධිමත් බවකට පත්කර ගැනීමටක එකගතාවකට පැමිණ ඇති බවද හෙතෙම පැවසුවේය.

ගාල්ලේදී පැවති ජාතික ජක බලවේග ජන රැළියක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

‘දැන් විශාල අාන්දෝලයකට ලක් කරමින් තිබෙනවා ආරක්ෂක ගිවිසුම ගැන කිසිවක් නෑ.

දැනටමත් සිදුවෙමින් තිබෙන කරුණු. දැනටමත් ඒකාබද්ද මෙහෙයුම් තිබෙනවා. දැනටමත් ඒකාබද පුහුණු තිබෙනවා. අපේ නිලධාරින් ගිහිල්ලා පුහුණු වෙනවා. ඒ වගේම දැනටමත් එකට කරන පර්යේෂණයක් තිබෙනවා. ඒව විධිමත් කරගැනීම සඳහා අපි එකගතාවයකට ඇවිල්ලා තිබෙනවා.

අපිට මේ කලාපයේ ආරක්ෂාව සුරක්‍ෂිත කළ යුතුයි. ආරක්ෂාවේ වැඩි තාක්ෂණයක හැකියාවන් තියෙන, ආරක්ෂාවට නිපුණතාවන් තියෙන අයගේ සහායක් ලබා ගත යුතුයි. එහෙම නැතුව කොහොමද ඉස්සරහට රටක් කියන්නේ.

අපට එහෙම යන්න පුළුවන්කම තිබුණා හැත්තෑ හය වසරත් මේ රටේ තාක්ෂණික විද්‍යාවේ දියුණුවෙහි පැත්තට ගේන්න මේ පාලකයන් සමත් වුනා නම් අපිට යන්න තිබුණා’

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka