gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

බලාපොරොත්තු වූ වී අස්වැන්න ලැබුන්නෑ… යලිත් සහල් රටින් ගේන්න වෙනවා - වසන්ත

මෙවර මහ කන්නේ අපේක්ෂිත වී අස්වැන්න පහළ බැස ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මෙට‍්‍රික් ටොන් මිලියන දෙකයි දශම නවරක් මෙවර කන්නයෙන් අපේක්ෂා කළද ලැබෙන්නේ මෙට‍්‍රික් ටොන් මිලියන 2.4ක් පමණක් බවට පුරෝකතනය වී ඇති බවද හෙතෙම පැවසුවේය.

කාලගුණ තත්ත්වයන් ගංවතුර තත්ත්වයන් මීට බලපා ඇති බවද හෙතෙම කියා සිටී.

යම් හෙයකින් මෙම තත්ත්වය මත සහල් වෙළඳපොලේ කිසියම් ගැටලුවක් මතුවුවහොත් ජනතාවට සහල් ලබාදීම සඳහා අනිවාර්යෙන්ම රජයට සහල් ආනයනය කිරීමට සිදුවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka