මියගිය පුද්ගලයින් කනත්තෙන් නැගිට වාහන ලියාපදිංචි කරයි... කෝටි ගණනක ජාවාරමක් හෙළිවෙයි!
මියගිය පුද්ගලයින්ගේ තොරතුරු අඩංගු කර හොරෙන් එකලස් කළ වාහන 1000කට ආසන්න සංඛ්‍යාවක් මියගිය පුද්ගලයන් සතුව පැවැති වාහනවල අංක යටතේ ලියාපදිංචි කර තිබෙන බවට විගණනයකදී හෙළිවී ඇත.
මියගිය පුද්ගලයින්ගේ තොරතුරු අඩංගු කර වාහනවල මුල් අයිතිකරු ලෙස පෙන්වා මාස කිහිපයකට පසුව මියගිය වෙනත් අයගේ නම් වලට වාහන හිමිකම ලබාදෙමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවද විගණනයේදී හෙළිවී ඇත.
පසුගිය 2016 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී පමණක් මෙරටට ගෙන්වා තිබෙන අති සුඛෝපභෝගී වාහන, එකලස් කළ සුඛෝපභෝගී වාහන 400ක් පමණ ව්‍යාජ තොරතුරු මත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙන බවද විගණනයේදී හෙළිවී ඇත.
රජයට රුපියල් කෝටි 300කට අධික රේගු බදු ආදායමක් අහිමි කරමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන් විසින් වසර ගණනාවක් තිස්සේ මෙයාකාරයට වාහන ලියාපදිංචි කර ඇති බවද විගණනයේදී හෙළිවී ඇත.
යතුරු පැදි, අත්ට්‍රැක්ටර් වැනි භාවිතයෙන් ඉවත් කළ වාහන වල ලියාපදිංචි අංක යටතේ සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කර තිබීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණන වලදී මෙම තොරතුරු හෙළිවී ඇත.
මියගිය පුද්ගලයින් කනත්තෙන් නැගිට වාහන ලියාපදිංචි කරයි... කෝටි ගණනක ජාවාරමක් හෙළිවෙයි!
2025-03-19T07:06:00+05:30
Gossip Lanka Hot News





