gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුප්‍රකට ක්‍රිෂ් වංචාව : අල්ලස් කොමිසම දේශපාලන දඩයමක් කරන බවට නාමල්ගේ නීතිඥවරයා චෝදනා කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ විසින් ක්‍රිෂ් දේපළ අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මාර්තු 26 වැනි දින අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ රග්බි සංවර්ධනය සඳහා යැයි කියනු ලබන, ඉන්දියානු දේපළ වෙළඳාම් සමාගමක් වන ක්‍රිෂ් සමූහයෙන් අරමුදල් ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වී ඇති නඩුවේදී මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මෙම නියෝගය නිකුත් කරන ලදී.

අධිකරණ විමර්ශනය ආරම්භයේදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඒ.ඒ.එල්. මුදිත ලොකුමුදලිගේ සමඟ පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, දේශපාලන දඩයමක් හේතුවෙන් සාමාන්‍ය අධිකරණ ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින් තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන කිහිපයක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ක්‍රිෂ් සමූහයෙන් රුපියල් මිලියන 70 ක් ලබාගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති බව නීතිඥවරයා පැවැසීය.

ඔහු තර්ක කළේ, කිසිදු පදනමක් නොමැතිව එම කාරණය සම්බන්ධයෙන්ම අල්ලස් කොමිසම තවදුරටත් පරීක්ෂණ කරගෙන යන බවයි.

සිය පරීක්ෂණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව සහ ජර්මානු රජයන්ගේ සහාය ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කර ඇති බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.

අදාළ බලධාරීන් විසින් එම රටවලට යවා ඇති බවට කියන එවැනි ලේඛනයක් නොමැති බැවින් එය අධිකරණයට රැවටීමක් බව නීතිඥවරයා පැවැසීය.

අධිකරණ අමාත්‍යාංශයෙන් සහ විදේශ අමාත්‍යාංශයෙන් කළ විමසීම්වලින් මෙය අනාවරණය වී ඇති බව නීතිඥ මෙන්ඩිස් සඳහන් කළේය.

මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මාර්තු 26 වන දින මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරමින් අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka