මෙරට සංස්කෘතික යථාර්ථය තේරුම් ගනිමින් ඒ අනුව කටයුතු කර මහනුවර දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටු වන බව සර්වජන බලය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ අනුව කටයුතු කරමින් කැලණි රජ මහා විහාරයේ නාග ධාතු ප්‍රදර්ශනයක් ද පවත්වන ලෙස රජයට යෝජනා කරන බවද හෙතෙම කියා සිටියේය.
”දළදා ප්‍රදර්ශනය පැවැත්විම ගැන මට සතුටුයි.මම යෝජනා කරනවා ඔබතුමන්ලට මේ වගේම. වරක් වැන්දොත් නිවන් දකින්නට පුලුවන් කියලා අපි විශ්වාස කරන කැළණිය රජමහා විහාරයේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා. එතනත් නාග ධාතු ප්‍රදර්ශනයක් තියනවා කිවුවම අපිට ශ්‍රද්ධාව ඇතිවෙනවා.මේ හැම ආගමකම තියෙන්නේ ඒ දර්ශනටයන් ඔබ්බට ගියපු ශ්‍රද්ධාවක්”
පාර්ලිමේන්තුවේදී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂයේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
නිරාගමික රාජ්‍යයක් ගැන කතා කළ ජාතික ජන බලවේග නායකයන් දළදාව වැඳීමටත් මහ නායක හිමිවරු මුණ ගැසීමත් පිළිබඳව තමන් ඉතාම සතුටට පත්වන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
