gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මාලිමා ජන පදනම විශාල වශයෙන් කඩා වැටිලා.. මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා..

ජාතික ජන බලවේග නායකයන් අද කටයුතු කරන ආකාරයෙන් ඔවුන්ගේ ජන පදනම විශාල වශයෙන් දුර්වල කර ගැනීමක් තමන් දකින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. අද වන විට ජාතික ජනබල වේගය යටපත් වී ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු වී ඇති බවත් පවසන ඔහු ආණ්ඩුව මෙහෙයවමින් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් පවසයි.

සිය අන්තර්ජාල නාලිකව ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

‘දිලීප විතාරන කියලා කියන්නේ දැන් මේ ආණ්ඩුවේ දැක්ම ජාතික ජන බලවේග දැක්ම සම්බන්ධ කතිකාව තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරපු පුද්ගලයෙක්. පුනරුදය කියන අදහස යම්කිසි විදියක සංකල්පගත කිරීම සම්බන්ධයෙන් මං හිතන්නේ දිලීප ඉතාම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා සහ ඒ වගේම ඔහුට ආණ්ඩුව සම්බන්ධ විශාල පක්ෂපාතිකයක් තිබුණ.

අවශ්‍ය වශයෙන්ම ඔහු ඉතාම ආශාවෙන් සහ කැපවීමකින් යුතුව නිරත වෙලා සිටි මේ ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීම කියලා කියන්නේ ඒක සුළු පටු සිදුවීමක් ලෙස සලකන්ඩ හැකියාවක් නැහැ.

ඒ විතරක් නෙමෙයි ඔහුව සාමාන්‍යයෙන් ඒ ජාතික ජන බලවේගය පිරිස් වලට විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අයට දන්න විදියට දිලීප සම්බන්ධ විශාල ගරුත්වයක් තිබුණා.

ඉතින් මේ පසුබිම තුළ ඔහු ඉල්ලා අස්වීමට සිදුවීම මං හිතන්නේ මේ ඉතාම ටිකක් අනතුරු ඇඟවීමේ අවස්ථාවක් විදියට සලකන්ඩ පුළුවන්.

මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ගත්තහම ඉහළ නායකත්වය තමයි මේ ආණ්ඩුව දේශපාලන වශයෙන් මෙහෙවනු ලබන්නේ. ඒක මම හිතන්නේ ජාතික ජන බලවේගය කියන ජාතික ජන බලවේගය කියලා විධායක සභාවක් තිෙබනවා අන්න ඒක මේ වන විට යම්කිසි විදිහක නිෂ්ක්‍රීය වෙලා තියෙන්නෙ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කටයුතු කරන විදිහෙන් එයාගේ පදනම විශාල වශයෙන් දුර්වල කර ගැනීමක් සිද්ධ වෙලා තිබෙනවා. මං හිතන්නේ ඒක ටිකක් මේ හානිකර තත්ත්වයක් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් කියන එක තමයි කියන්න පුළුවන්’

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka