gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානමින්!

සභා නායක බිමල් රත්නායක විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම කොමිෂන් සභා වාර්තාවේ ප්‍රධාන චූදිතයෙක්වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ඉරිදා (16) දා කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

අද බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානායකවරයා පැවසුවේ අදාල වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන අතරම ඒ සම්බන්ධයෙන් දින දෙදක විවාදයක් පවත්වන බවත්, කොමිෂන් සභා වාර්තාව ගැන ඉදිරි කටයුතු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්ය.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කිරීමට තීරණය කර ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka