gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අල්ලිරාජාගේ ලයිකා මාධ්‍ය චැනල් 12ක් ගත් හැටි ගැන විමර්ශණයක්

බ්‍රිතාන්‍යය පදනම් කරගත්  ව්‍යාපාරයක් වන ලයිකා සමූහය මෙරට මාධ්‍ය ආයතන 12ක් අත්පත් කර ගත් ආකාරය පිළිබඳව රාජ්‍ය මට්ටමින් පුලුල් විමර්ශනයක් සිදු කරන බව නීතිපතිවරයා පසුගියදා ශ්‍රේෂඨාධිකරණයට දැනුම් දුන් බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.  නීතිපතිවරයාගේ අනාවරණය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අල්ලස් හො දූෂණ විමර්ශණ කොමිසම සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම විමර්ශන සිදු කරනු ලබයි.

මෙම මාධ්‍ය ආයත අත්පත් කර ගැනීම  සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය රාජ්‍ය බුද්ධි සේවයට ලබා දී ඇති  උපදෙස් අනුව මෙම විමර්ශණ සිදු කෙරෙන ඒ අනුව ලයිකා සමූහයට අනුබද්ධිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම සහ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහාය ඉල්ලා තිබේ.  එම විමර්ශණවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද  පොලිස්පති කාර්යාලය නීතිපතිවරයාට දැනුම් දී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට පැවසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ද මෙම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.

වංචා, දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි ව්‍යාපාරයේ සභාපති ජමුණි කමන්ත තුෂාර විසින් අත්පත් කර ගැනීම අභියෝගයට ලක් කරමින් ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් අබයකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ විට ඒඑස්ජී ධර්මවර්ධන මෙම හෙළිදරව් කිරීම් සිදු කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඊගලහේවා මහතා ලයිකා මොබයිල්  විසින් පාලනය කරනු ලබන මාධ්‍ය සමාගම් ජාලයකට මාධ්‍ය බලපත්‍ර ලබා දීමට පෙර රාජ්‍ය ආයතන නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

ඉදිරිපත් කිරීම් සලකා බැලීමෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීමට අවසර දුන් අතර වැඩිදුර විභාගය දෙසැම්බර් 2 වන දිනට කල් තබා ඇත.
ලයිකා වයාපාර සමූහයේ වැඩි හිමිකාරීත්වයක් දරන්නේ ශ්‍රි ලංකාවෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ අල්ලිරාජා සුබාෂ්කරන් නම් ව්‍යවසායකයාටය. ඔහු මෙලෙස අත්පත් කර ගත්තේ ඊ.ඒ.පී එදිරිසිංහ ව්‍යපාරික පවුලේ ව්‍යාපාරයක් වූ ඊ.ඒ.පී මාධ්‍ය ජාලයට අයත් මාධ්‍ය ආයතනයි.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka