පැලවත්ත කාර්‍යාලයට ආයුධ කන්ටේනර් තොගයක්?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ මහ බැංකු වංචාවට වඩා විශාල වංචාවක් වත්මන් ආණ්ඩුව සිදු කළාදැයි සැකයක් පවතින බවයි.
ඔහු පවසන්නේ මහ දවල් නිසි පරීක්ෂා කිරීමකින් තොරව රේගුවෙන් පිටකළ බව කියන බහාලුම් 323ක තුළ තිබුනේ ජනතා විමුක්ති පෙරමුණට සුපුරුදු ආයුධ තොගයක් බවට සැකයක් පවතින බවයි.
අසාර්ථක ආණ්ඩුව රැකීම සඳහා උතුරු කොරියාව මෙන් රාජ්‍යක් ඇතිකිරීමට ජවිපෙ පැලවත්ත කාර්‍යාලයට රැගෙන ආ ආයුධ එම කන්ටේනර් තුළ තිබිය හැකි බව දොලවත්ත මහතා සැකකරයි.
ඔහු පවසන්නේ ජවිපේ පූර්ණකාලීන පිරිස් වෙත බෙදාදීම සඳහා එම අවි ආයුධ ගෙනවිත් ඇති බවට සැකයක් පවතින බවයි.
එම කන්ටේනර් තුළ සැබවින්ම තිබුනේ මොනවාද, ඒවා ගෙන්වා ඇත්තේ කව්රුන්ද, ඒවා ගියේ කොහෙටද දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරියේදී අමාත්‍යංශය ලේකම් වරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු මන්ත්‍රීවරයා පවසයි.
පැලවත්ත කාර්‍යාලයට ආයුධ කන්ටේනර් තොගයක්?
2025-02-03T14:28:00+05:30
Gossip Lanka Hot News






