පියුමි සහ තාඹුගලට එරෙහි නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය
අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිට අදාළව සිදු කරනු ලබන විමර්ශනවලට අදාළ ප්‍රගති වාර්තාවක් ලබන ජුලි මස (31) දින ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත ඊයේ (03) දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
ඉහත නම් සදහන් දෙදෙනා දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව බදු පනතට අදාළ වරදවල් සිදුකර තිබේද යන්න පිළිබඳව විමර්ශණය කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් අද නැවත කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළාය.
අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමට එම දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණය මගින් නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරත වන අවස්ථාවේදී එම දෙදෙනා නිවාස වල නොසිටි බව, කරුණු දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබුණේය.
පියුමි සහ තාඹුගලට එරෙහි නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය
2025-02-04T08:42:00+05:30
Gossip Lanka Hot News






