gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ඇමති නාමල් ෆෝන් උස්සන්නෑ..’ - මාධ්‍ය හමුවක ගොවීන් බනිති!

වලව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානයේ වලව කලාපයේ කොට්ඨාශ 7ක ගොවි සංගම්වල නියෝජිතයන් විසින් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආසන්නයේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

මෙහිදී ඔවුන් කියා සිටින්යේ තව දින 10කින් 15 කින් වලව කලාපයේ ගොවිබිම්වල වී අස්වැන්න නෙලීමට සූදානම් වන බවත් රජය විසින් වී මලදී ගැනීම සදහා මේ වන විට කිසිදු වැඩ පිළිවෙලක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් ගොවි සංවිධාන වලට කර නොමැති බවත්ය.

හොදම කොටස පුද්ගලික ව්‍යාපාරිකයන්කුණු කොල්ලයට වී මලදී ගත් පසු රජය විසින් විසින් වී මලදී ගැනීමට සූදානමින් සිටින බවද ගොවීන් පවසයි.

තමා සමග මේ සම්බන්ධයෙන්  මීට පෙර පැවැති ආණ්ඩු සදහා බල කිරීමට සිටි නාමල් කරුණාරත්න මේ වන විට නියෝජ්‍ය ඇමති කෙනෙක් උවත් ගොවීන්ගේ ප්‍රශ්න පිළිබද හෝ දුරකතන ඇමතුමක්වත් ගැනීමට නොහැකි බව ගොවින් පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය වරයාට සුදුසු බිම ගැන දන්න නාමල් කරුණාරත්න මිස ලාල් කාන්ත නොවන බවද ගොවි නියෝජිතයන් පවසයි.

“දැන් නාමල් කරුණාරත්න නාමල් බබා වෙලා. ඒ අය ඩඩ්ලිලාගේ ගැත්තෝ වෙලා. වැරදි දත්ත දෙන තොරතරු දෙන නිලධාරීන් එක්ක මේ අය වැඩ කරන්නේ. අපි ඉල්ලන්නේ අපිට රුපියල් 140ක සහතික මලක් ලබාදෙන්න. මේක අඩු කරන්න පුලුවන් කෘෂි උපකරන වල මිල අඩු කරනවානම් වී මිල මීට වඩා අඩු කල හැකියි.

මේවට මහින්දගේ ගේ ගැන කියල මේව වහන් එපා. මේ වට මහින්ද ගා ගන්නේ නැතිව අපේ ප්‍රශ්නයට උත්තර දෙන්න”

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka