gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ හදිසි ගින්නට හේතුව හෙළිවෙයි

කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් මේ වනවිට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත.

ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන ඇති අතර අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම මෙම ගිනිගැනීමට ප්‍රධාන හේතුව බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබාදී ඇති අතර කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka