gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

රජයේ කාර්ය මණ්ඩල දීමනාවත් වියදමට ගත් බව දොස්තර මන්ත්‍රී පිළිගනී!

යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමා මසකට රුපියල් 56,000ක වැටුපක්, රුපියල් 125,000ක ගමනාගමන දීමනාවක් ඇතුළුව රුපියල් 275,000ක පමණ වැටුප් සහ දීමනා ලබාගන්නා බවයි.

එහිදී තම බැංකු ණය ගෙවීම, ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම, පුත්‍රයාගේ පාසල් ගාස්තු ගෙවීම, නිවාස කුලී ආදී මාසික වියදම් පිළිබඳවද ඔහු පැහැදිලි කරයි.

පාර්ලිමේන්තුවෙන් ලැබෙන සමහර දීමනා මගින් කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු බඳවා ගැනීමට හැකි බව පවසන මන්ත්‍රීවරයා තම ඥාතියෙකු පර්යේෂණ නිලධාරියෙකු ලෙස පත්කර එම වැටුපත් තම පෞද්ගලික වියදම් සඳහා යොදා ගත් බවද පිළිගනී.

එලෙස පත්කළ ඥාතියා අවම වශයෙන් ඔහුට හිමි වැටුපෙන් කොටසක් හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටි නමුත්, තමන්ට වියදම් සඳහා ප්‍රමාණවත් මුදලක් නොමැති බව පවසමින් එය ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

රාමක්‍රිෂ්ණ අරිවන්බන් මහතාගේ වැටුප උපයෝගී කරගෙන පමණක් තමන්ට ජීවිතය ගෙන යා හැකි බව එහිදී අර්චුනා සිනාසෙමින් පවසයි.

කෙසේවෙතත් මෙම හෙළිදරව්ව යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඔහුට සහය දැක්වූ අය අතර දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනා බවද වාර්තා වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka