gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මාලිමා මන්ත්‍රී 159ගේ පඩිය JVP ගිණුමට දා ගැනීම අල්ලසක්.. දූෂණයක්…! – දයාසිරි…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් මහජන මුදලින් විශාල දීමනාවක් ලබා ගැනීම වැරදි යැයි ජාතික ජන බලවේගය පසුගිය සමයේ මතයක් සමාජගත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

කෙසේ වුව ද අදත් එම බර ජනතාව පෙර ආකාරයට ම දරමින් ඇතැයි ඔහු සඳහන් කරයි. ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් 39ක් ද විශ්‍රාම වැටුප් ලබන බව දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.

මේ වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගේ වැටුප ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමට යන බව එම පක්ෂයේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කොට ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

මෙලෙස මන්ත්‍රී වැටුප් පක්ෂ අරමුදලකට බැර කර ගැනීම අල්ලසක් සහ දූෂණයක් බව ඊට එරෙහිව වෙනම ක්‍රියාමාර්ග ගත යුතු බවත් දයාසිරි ජයසේකර අවධාරණය කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka