gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යෝෂිත වෙනුවෙන් ගම්මන්පිල පෙරමුණ ගනී... අලුත් වැඩකට අත තියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම අලුත් ආණ්ඩුවක් ආපුවම වැඩ ඇල්ලීමට කරන දෙයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.

පසුගිය 2015 යහපාලන ආණ්ඩුවත් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බවත් රක්ෂිත බන්ධනාගාර ගතකර දින 40කින් පසුව නිදහස් කළ බවත් අද වනතුරු නඩු පැවරීමක් කර නැති බවද හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.

පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා නිලධාරින් සම්බන්ධයෙන් ඉරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.

හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කළේ,

“හැබැයි මෙදා පාරනම් ආතාරින්නේ නෑ. ඇමති ආනන්ද විජේපාල මැතිතුමා ඇතුළු ආණ්ඩුවේ ඇත්තන්ට සිහිපත් කරනවා බොරුවට අත්අඩංගුවට ගැනීම් කළොත්, බොරුවට රක්ෂිත බන්ධනාගාරගත කෙරෙව්වොත්, ඒ කරවන අයට එරෙහිව අපි නඩු දාන්න කටයුතු කරනවා.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka