ජනපති අරමුදලෙන් සල්ලි ගත්ත අයට වැඩ වරදී!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධව විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක හමුවේ වාර්තාවක් ගොනු කරමින් හෙළි කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය මහෙස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය විමර්ශන වලට සහාය සදහා අවශ්‍ය වුවහොත් නියෝග අයැදින ලෙසත් දැන්වූවාය.
ජනපති අරමුදලෙන් සල්ලි ගත්ත අයට වැඩ වරදී!
2025-01-08T06:54:00+05:30
Gossip Lanka Hot News






