gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රායල සංචාරකයන්ට ලංකාවේ ‘යුදෙව් ආගමික මධ්‍යස්ථාන’ හදන්න රජය අවසර දීලද?

ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක ඊශ්‍රායල සංචාරකයන්ට ‘ආගමික මධ්‍යස්ථාන’(synagogues) පිහිටුවීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව රජය පවසයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ එහි දෙපාර්තමේන්තු එවැනි අවසරයක් ලබා දී නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ පාර්ලිමේන්තුව අමතමින් පැහැදිලි කළාය.

“මෙම මධ්‍යස්ථානවලට අවසර දීලා නැහැ. අපි ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා. කෙසේවෙතත්, ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරක් මත ඔවුන්ට ආරක්ෂාව සැපයීමට අපට සිදුවුණා. එය සංචාරකයන් සම්බන්ධයෙන් අපේ රටේ වගකීමක් මිස නීතිවිරෝධී මධ්‍යස්ථාන පිහිටුවීමට අවසර දීමක් නොවේ,” අග්‍රාමාත්‍යවරිය පැහැදිළි කළාය.

එවැනි ආයතන සඳහා රජය අනුමැතිය ලබා දී නොමැති බව යළිත් අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මේ පිළිබඳව අවධානය යොමුකර එවැනි කටයුතු නතරකිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

2024 වසරේදී ඊශ්‍රායල ජාතිකයන් 25,514 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවාය.

එමෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවේ, විදේශිකයන්ට සංචාරක වීසා මත පැමිණ ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට ශ්‍රී ලංකාව තුළ නීති නොමැති බවයි.

“සංචාරක වීසා මත පැමිණ ව්‍යාපාරික කටයුතුවල යෙදීමට ශ්‍රී ලංකාවේ කිසිදු නීතියකින් අවසර නැහැ. මේ සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබී තිබෙනවා. මෙය ලොව පුරා සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබෙනවා. අපි මෙය ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබෙනවා,” ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත්, එම කටයුතු නැවැත්වීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුව වෙත පැවැසීය.

“විශේෂයෙන්ම සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට ඊශ්‍රායල ජාතිකයින්ට රජය කිසිදු වීසා බලපත්‍රයක් නිකුත් කර නැහැ. අපේ නීති කඩකරමින් ඔවුන් මෙවැනි ක්‍රියාවල නිරතවෙනවා” ඇය වැඩිදුරටත් පැවසුවාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායල සංචාරකයන්ගේ ක්‍රියාකාරකම් ඉහළයෑම සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka