gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපකුලපති අතුරුදන්.. කරුණා CIDයට ගෙන්වයි!

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන්වීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බවත් අවස්ථා 02 කදී හිටපු ඇමැතිවරයා මේ සදහා දෙපාර්තමේන්තුවට ගෙන්වා ඇති බවද වාර්තා වේ.

2006 දෙසැම්බර් (15) වැනිදා කොළඹ – 07, විද්‍යා මන්දිරයේ පිහිටි සම්මන්ත්‍රණයකින් පසු අධි ආරක්ෂිත කලාපයක් තුළදී ඔහු අතුරුදන් වී ඇති අතර දිගින් – දිගටම රවීන්ද්‍රනාත්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුට කොළඹ සිට සිය රාජකාරි කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.

රවීන්ද්‍රනාත් අතුරුදන්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව එම සිදුවීමට තමිල් මක්කලෙයි විඩුතල් පුල්ලිගල් කණ්ඩායමේ සම්බන්ධයක් ඇති බව තහවුරු වී තිබිණි.

2008 වසරේදී එය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කොට නැඟෙනහිර පළාත් සභා මැතිවරණයට මුල් වරට ඉදිරිපත් වු අතර රවීන්ද්‍රනාත්ගේ රියැදුරාට මේ කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් නිතර දුරකථන ඇමතුම් පැමිණ ඇති බවත් ඔහු එම කණ්ඩායම සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අනාවරණය කරගෙන තිබිණි.

කෙසේ වෙතත් එම පරීක්ෂණ අතරමග නතර වී ඇති අතර වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විමර්ශන අංශ වලට උපදෙස් ලබාදුන් ලැයිස්තුවේ සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ගේ අතුරුදන් වීම ද ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka