gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත මරා දමා අදට හරියටම අවුරුදු 16යි! මහින්දගේ ආණ්ඩු කාලෙ වෙච්ච මේ ඝාතනය ගැන මහින්ද හෙව්වෙත් නෑ! යහපාලනේ මෛත්‍රී හෙව්වෙත් නෑ! ගෝඨා හෙව්වෙත් නෑ! බලමු අනුරවත් හොයයිද කියලා!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට හරියටම වසර දහසයකි. 

ඔහුගේ ඝාතනය සිද්ධ වූ වේ 2009 වසරේ ජනවාරි මස අටවන දා ය. 

වසර දහසයක කාලයක් ගෙවී ගියද, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ කිසිවෙකුට මෙතෙක් දඩුවම් ලැබී නැත. 

ඔහුගේ ඝාතනයට සම්බන්ධ වූවන්ට දඩුවම් පැමිණ වීම මේ තාක් කාලයකට ප්‍රමාද වීමට එකම හේතුව, දේශපාලන බලාධිකාරයට ඒ සම්බන්ධයෙන් කිසිදු උවමනාවක් නොතිබීමයි.

නමුත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇතැයි, ලසන්ත වික්‍රමතුංග මහතාගේ සමීපතමයන් විශ්වාස කරන බව පෙනේ. 

ඔහුගේ එක් සහෝදරයකු වන ලාල් වික්‍රමතුංග මහතා කොලොම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ඒ පිළිබදව ලියා තිබේ. 

එහිදී ඔහු, වත්මන් ආණ්ඩුව ශානි අබේසේකර මහතා සහ රවී සෙනෙවිරත්න මහතා යළි විමර්ශන කාර්යයන්ට සම්බන්ධ කරගෙන තිබීම පිළිබදව පැසසුම්සහගතව කතා කරයි. එමෙන්ම, ඝාතකයන් හෙළිදරව් වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවද පවසයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka