gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කවුරු මොනවා කිව්වත් මල්ලි නිදහස් කරන්නේ නැහැ – ආණ්ඩුව කියයි (VIDEO)

මිනීමැරීමේ චෝදනාවකට වරදකරු වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පවුලට සම්බන්ධ රූපවාහිනී නාලිකාව කුමන කතන්දර ගෙතුවද ඔහුට ජනාධිපති සමාවක් ලබා නොදෙන බව අධිකරණ නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ ඊයේ අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැති ජයසිංහ පැවසුවේ, “අපි රූපවාහිනී නාලිකාවලට බය නැහැ, මල්ලි නිදහස් කරන්නේ නැහැ” යනුවෙනි.

නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට රජය තවමත් කැපවී සිටින බව අවධාරණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා දුමින්ද සිල්වා තවදුරටත් රෝහල්ගත කිරීමට අවශ්‍ය දැයි තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පැවසීය.

2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ දුමින්ද සිල්වා, 2021 දී ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් මතභේදාත්මක ජනාධිපති සමාවක් යටතේ නිදහස් කළ ද එම නිදහස් කිරීම අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුව තවමත් සිරගතව සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka