gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ටික චීනයට පූට්ටු කරයි…

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ලේක් හවුසිය , චීන සමූහාන්ඩුවේ ආයතන සමග ගිවිසුම්ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (07) කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම් දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ මෙවැන්නකි.

“සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහ ආණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් කීපයක් අත්සන් කරන්නත් අමාත්‍ය මණ්ඩලීය අනුමැතිය හිමි වුනා. ඒ පහත සඳහන් අවබෝධතා ගිවිසුම්.”

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය සහ මහජන චීන සමූහ ආණ්ඩුවේ ජාතික ගුවන් විදුලි සහ රූපවාහිනිය අතර පරිපාලන අවබෝධතා ගිවිසුම

සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ චීනයේ ෂිං හුවා ප්‍රවෘත්ති පත්‍ර නියෝජිත ආයතනය අතර අවබෝධතා ගිවිසුම

රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුව සහ චීනයේ ෂිං හුවා ප්‍රවෘත්ති පත්‍ර නියෝජිත ආයතනය අතර සහයෝගීතා ගිවිසුම

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම


ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම කියන ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka