දෙහිවල නීතිඥ කාන්තාවකගේ නිවසේ මිදුලෙහි බරපතල තත්ත්වයෙන් සිහි සුන්ව වැටී සිටියදී ප්‍රශ්නකාරී ආකාරයට රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය මාධ්‍යවේදිනී ශ්‍රියානිි විජේසිංහගේ සැමියා වන ජී. හේමපාල (60)ට තද බල ලෙස පහර දීමේ ලක්ෂණ පැහැදිලිව පෙනන බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒ. දයාපාල විසින් අද (04) තහවුරු කරනු ලබන අවස්ථාව වනවිට එම නීතිඥ කාන්තාවගේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සැමියා රටින් පිටවී ඇති බව බුද්ධි තොරතුරු අනාවරණය කරයි.
ගුවන් හමුදාවේ හිටපු ගෲප් කපිතාන්වරයෙක්වන මෙම පුද්ගලයා රටින් පිටවන්නේ මිනී මැරුමක් ලෙස සැක සිතෙන සියලුම සාධක පැහැදිලිව තිබෙද්දී එය ස්වභාවික මරණයක් බව පෙන්වා යට ගැසීමට සියලුම සැලසුම් පොලිසිය සමග එක්ව සකස් කර තිබුණු බව සැක මතුවෙද්දී ය.
එමෙන්ම මෙම පුද්ගලයා රටින් පිට කිරීමටත් දෙහිවල පොලිසියේ සමබන්ධයක් තිබේද යන්න පිළිබඳව මේ වනවිට බුද්ධි අංශවල අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. සිද්ධිය මාධ්‍ය ඔස්සේ ඇවිලී යනවිට මෙම පුද්ගලයා ඊයේ (03) දහවල් රටන් පිටවී අබුඩාබි වෙත ගමන් කර ඇති අතර එය වැලැක්වීමට තබා සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ දියත් කිරීමටවත් දෙහිවල පොලිසිය කටයුතු කර තිබුණේ නැති ආකාරය විමර්ශනවල දී හෙළි දරව් වී ඇත.
එමෙන්ම මේ වනවිට බුද්ධි අංශ වෙත සිද්ධිය පිළිබඳ සීසීටීවී කැමරා කෝණ ගණනාවක ඡායාරූප ලැබී තිබේ. එම සෑම ඡායාරූපයක්ම නීතිඥවරිය සහ ඇයගේ සැමියා විසින් පොලිසියට ප්‍රකාශ කරන ලද සහ පොලිසිය අවිචාරවත්ව පිළිගෙන වින්දිතයින්ට දැන්වූ අක්‍රීය බව කියන නිවසේ සීසීටීවී කැමරාවලින් ලබා ගත් ඒවා බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.
දැනට තහවුරු වෙමින් ඇති ආකාරයට විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම අභිරහස් මරණය සම්බන්ධව සම්පූර්ණ සිද්ධිය දෙහිවල පොලිසිය නොදැන ඉන්නට බැරි බවය. කුමක් හෝ හේතුවක් නිසා මග හැරීමට උත්සාහ කළ සිද්ධිය පිළිබඳ බරතල ලෙස සැකයට ලක් වූ කරුණු කීපයක් සම්බන්ධව බුද්ධි අංශවල දැඩි අවධානයට ලක් වී ඇත.
1 මිය ගිය පුද්ගලයා පැමිණි බව කියන ත්‍රී රෝද රථය සම්බන්ධව ජනවාරි 1 වැනිදා රාත්‍රී 11 පමණ වනවිට දැනගෙන එම ස්ථානයට පැමිණ ත්‍රී රෝද රථය රැගෙන යෑම. ඒ අවස්ථාවේ දී අවට කිසිවක් පරීක්ෂා නොකිරීම
2 පසුදා (02) අළුයම 1.15ට පමණ දෙහිවල නීතිඥ කාන්තාවගේ නිවසින් තම වත්තේ පුද්ගලයෙක් වැටී ඇති බවට 119 ඔස්සේ දැනුම් දුන් පසු 1.33 පමණ වනවිට දෙහිවල පොලිසියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කර 1919 ගිලන් රථ සේවයට කතා කර හෝ එම පුද්ගලයා රෝහල්ගත කරනු වෙනුවට ප්‍රශ්න සහගත ලෙස පිටවී යෑම
3 යළිත් පාන්දර 6.15ට පමණ පැමිණ ඔහුව 1919 ගිලන් රථ සේවාව හරහා කළුබෝවිල රෝහලට භාර දීම. රෝගියා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණ ද මාධ්‍ය ඔස්සේ මේ සිද්ධිය පිළිබඳව කතා කරන තුරු අදාල පුද්ගලයින්ගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර නොගැනීම.
4 පොලිසිය පැමිණ වැටී සිටි පුද්ගලයා බලා ගිය අළුයම 1.30 සහ උදේ 6.15 අතර පැය 4කට ආසන්න කාලය තුළ මිය ගිය පුද්ගලයා ඇඳගෙන සිටි ඇඳුම් මාරු කිරීම සහ පුද්ගලයාව වතුරෙන් සෝදා තිබීම.
5 පොලිසිය පුන පුනා පැවසූ නීතිඥවරියගේ නිවසේ සීසීටීවී අක්‍රීය වී ඇති බවට වූ ප්‍රකාශය සිදුවන විට නිවසේ තිබිය යුතු සීසීටීවී. කැමරා කෝණවලින් ලැබුණු සමීප දර්ශන විමර්ශන නිලධාරීන් අතට පත් වී තිබීම මෙන්ම එම දර්ශනවල මිය ගිය පුද්ගලයා සිහිසුන්ව වැටී සිටින ආකාරය සම්බන්ධ ප්‍රශ්න මතු වීම.
6 විමර්ශන ආරම්භ වී මාධ්‍යවලින් මෙම සිද්ධිය වාර්තාවීමත් සමග දෙහිවල නීතිඥවරිගේ සැමියා රටින් පිටවී ගොස් තිබීම.
7 මෙපමණ තොරතුරු හෙළි වෙමින් තිබියදීත් යම් බලපෑමක් මත සිරුර භූමිදාන කිරීම සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය ද අවුල් සහගත තත්ත්වයකට පත්වන ආකාරය සම්බන්ධ සැක මතුවීම.
අද අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළ කළුබෝවිල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ දයාපාල ප්‍රකාශ කළේ මිය ගිය පුද්ගලයා මරණයට පෙර දරුණු පහර කෑමකට ලක් වී ඇති බවය.
මිය ගිය පුද්ගලයාගේ මොළයේ විශේෂ තත්ත්වයක් පවතින බවත් ඒ සම්බන්ධව විද්‍යාත්මක නිගමනයකින් අනතුරුව මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කරන බවත් දැන්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය පිළිබඳ එතෙක් විවෘත තීන්දුවක් නිකුත් කළේය.
ඒ සමගම හදිසි ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා භාවිතා කිරීමට නියපොතු කපා සීල් තබන ලෙසත් රස පරීක්ෂවරයා වෙත රුධිර සාම්පලයක් යවන ලෙසත් ඔහු නියෝග කර තිබිණි.
එමෙන්ම රෝහල්ගත කරන අවස්ථාව වනවිට මිය ගිය පුද්ගලයා ඇඳගෙන සිටි ඇඳුම් ගලවා වෙනත් ඇඳුම් අන්දවා තිබිණි. ඔහු පහරකෑමට ලක් වූ අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම්වලට සිදුවූයේ කුමක් දැයි සොයන ලෙස ද ඔහු පොලිසියට දැන්වූයේය.
එමෙන්ම ඔහු රැකියා කරන වැල්ලවත්ත ත්‍රී විල් රථ ගාලේ සිට මේ ස්ථානය දක්වා පැමිණි මාර්ගයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට මේ වනවිට විමර්ශන අංශ කටයුතු කරමින් ඇත.
පොලිිසිය ත්‍රී රෝද රථය රැගෙන යන අවස්ථාව… වෙලාව 01 රාත්‍රී 11.20ට පමණ….
-ඉඳුනිල් කහටපිටිය
-lankasara